එසේම මේ වන විට අබිං වෙළෙඳාම ක්‍රමවත් කිරිම සඳහා ලයිසන් ක්‍රමය හඳුන්වා දී තිබු අතර එමඟින් රජයට විශාල බදු ආදායමක් ලැබුණි.ක්‍රමයෙන් ශ්‍රී ලාංකික සමාජය තුළ අබිං කෑම සමාජ ප්‍රශ්නයක් ලෙසින් ගැටලු මතු වීමට පටන් ගත් නිසා මේ සම්බන්ධයෙන් 1867 අංක 19 දරන අබිං සහ කංසා ආඥා පනත පනවන ලදී.
1930 ගණන් වන විට ශ්‍රි ලංකාවේ වැඩියෙන්ම භාවිතා කළේ අබිං සහ ගංජාය. 1929 දී ගංජා සහ විෂ මත් වර්ග වලට අන්තරායකාරී මත් ද්‍රව්‍ය ඒකාබද්ධ පනතක් ඉදිරිපත් කළේ මේවායේ භාවිතය ක්‍රමයෙන් ඉහළ යන ප්‍රවණතාවක් තිබුණ නිසාය.1948 වන විට ශ්‍රි ලංකාවට නාමික නිදහස ලබා දී තිබු නමුත් විෂ මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට 1955 වන තෙක්ම උත්සාහ නොගෙන තිබුණි. එකල බොහෝ පිරිස් ඉන්දියාවෙන් නීති විරෝධි ලෙස අබිං ප්‍රවාහනය කොට වෙළෙඳාම් කරන ලද අතර ලංකාවේ වෙළෙඳසැල් වලින්(කලුකඩ) අබිං වැඩි මිලකට මිලදී ගැනීමට හැකි විය. සිංහල ආයුර්වේද වෛද්‍යවරුන්ටද කලුකඩ තුළින් තම අවශ්‍යතාවන් සපුරා ගැනීමට සිදු විය.19 වෙනි සියවස අගදී සහ 20 වෙනි සියවස මුලදී අබිං වලට එරෙහිව ජනමතයක් ගොඩනැගීමට තරම් මෙම මත්ද්‍රව්‍ය ප්‍රශ්නය උග්‍ර විය.
1955 වර්ෂයෙන් පසු කිසිදු සංශෝධනයක් කර නොතිබුණු විෂ වර්ග අබිං සහ අන්තරායදායක ඖෂධ ආඥා පනත 1984 අංක 13 දරණ විෂ වර්ග අබිං හා අන්තරායදායක ඖෂධ වර්ග පනත මඟින් සංශෝධනය කරන ලදී.1984 අංක 11 දරණ අන්තරායදායක ඖෂධ පාලනය කිරිමේ ජාතික මණ්ඩල පනත නමින් වු පනතක් මඟින් අන්තරායකර ඖෂධ ජාතික මණ්ඩලය පිහිටුවන ලදී.]]

Comments
Post a Comment